තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

බියගමදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 10-01-2026 | 1:26 PM

COLOMBO (News 1st) - බියගම , ගැමුණු මාවත ප්‍රදේශයේ කුලී පදනම මත කාමරයක රැඳී සිටි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රි එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 30 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, ඔහුට අයත් ත්‍රීරෝද රථය නවාතැන් ගෙන සිටි කාමරය ඉදිරිපිට ගිනි ගැනීමට ලක්වී ඇති බව දැක කාමරයෙන් ඉවතට පැමිණීමේදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් බවයි.

පහරදීමෙන්  බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේ ය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.