.webp)
-605606-608123.jpg)
COLOMBO (News 1st) - බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානම සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන කුඩා නගර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානම් ස්ථාන 68% කට වැඩි ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ ඌව පළාත් සභාව සිදු කළ පරික්ෂාවකින් අනතුරුවයි.
මේ අනුව කුඩා නගර ව්‍යාපෘතිය යටතේ සිදු කරන පළමු ව්‍යාපෘතිය ස්ප්‍රින්වැලි නගරය කෙන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව ඌව පළාත් ප්‍රධාන ලේකම්වරිය පැවසුවේ ය.
