.webp)

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ, ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක පුරප්පාඩු 30ක් පමණ පවතින බවයි.
ඒ හේතුවෙන්, රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට අදාල කටයුතුවලට ගැටලු මතුව තිබේ.
ඒ අනුව මීට අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා, නව බඳවා ගැනීමේ පෙබරවාරි මුල් සතිය තුළ සිදුකර අවසන් කරන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
