අශෝක රන්වල අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු..

අශෝක රන්වල අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු..

by Staff writer 15-03-2026 | 5:40 PM

COLOMBO (News 1st) - අශෝක රන්වල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නික්තු කර තිබේ.

ඒ මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණීම නිසා අදාළ වරෙන්තු නිකුත් කර තිබුණි.

සපුගස්කන්ද මාවරමණ්ඩිය දෙනිමුල්ල ප්‍රදේශයේදී එම අනතුර සිදුවුණි.

ඒ අශෝක රන්වල මන්ත්‍රිවරයා පැදවූ මෝටර් රථය පවර් හවුස් හන්දිය දෙස සිට ගල්වල හන්දිය දෙසට ගමන් කරමින් සිටියදීය.