.webp)
-612245.jpg)
ඒ, රුපියල් ලක්ෂ 5,000 සීමාව පසුකරමිනි.
ධර්මයුද්ධය 2 දිවයින පුරා තිරගත වීම් ආරම්භ වුණේ ජනවාරි 23 වැනිදායි.
චිත්‍රපටය තිරගත වී පළමු දින 10 තුළදීම රුපියල් ලක්ෂ 1000ක වාර්තාගත අදායමක් ඉපයීමට සමත් විය.
ඉන් පසු ගෙවුණු සෑම දින 10කටම ධර්මයුද්ධය ලක්ෂ 1000ක ආදායමක් ඉපැයුවේ ආරම්භයේ සිටම දැඩි ප්‍රේක්ෂක ආකාර්ෂනයක් ලබා ගනිමිනි.
ඒ අනුව, දින 50ක් තුළ ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසය වෙනස් කිරීමට ධර්මයුද්ධය 2 චිත්‍රපටයට හැකි වූ අතර දින 50 ක් වැනි කෙටි කාලයක් තුළදී මෙරට ටිකට්පත් අලවියෙන් පමණක් රුපියල් ලක්ෂ 5000ක් ඉපැයූ පළමු සහ එකම චිත්‍රපටය වන්නේ ධර්මයුද්ධය 2 යි.
MTV ප්‍රධාන විධායක නිලධාරී, ධර්මයුද්ධය 2 විධායක නිෂ්පාදක යසරත් කමල්සිරි මෙම කඩඉම සම්බන්ධයෙන් මෙලෙස සිය අදහස් පළ කළේය.
''මිලියන 500 කඩඉම් සීමාව පසු කරන්නට ලැබීම සිරස මාධ්‍ය ජාලය හැටියට අපට ඉතාමත් සතුටට පත්වෙන්න පුළුවන් කාරණයක් වගේම ආඩම්බරයට පත්වෙන්න පුළුවන් කාරණයක්. නමුත් අපි හැමදාමත් විශ්වාස කරනවා මේ පදනම අපි සකස් කරයින් පස්සේ එතනින් එහාට යන්නට අනිත් හැමෝටම හැකියාව ලැබෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනය තියෙන්නේ. මොකද අපි දැන් හැමෝම දන්නවා මිලියන 500ක සීමාව ඉක්මවා යන්නට ශ්‍රී ලංකා සිනමා කර්මාන්තය තුළ හැකියාවක් තියෙනවා කියන එක අපි පෙන්නලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා සිනමා කර්මාන්තය ඉදිරියට යන්න නම් හැමෝම එක්කාහු වෙලා මේ වගේ මහන්සියෙන් අපි වැඩ කරන්නට ඕනේ. ඒ සඳහා පසුබිම අපි මේ ධර්මයුද්ධය 02 තුළින් සකස් කරලා තියෙනවා''
ධර්ම යුද්ධය 2 චිත්‍රපටියේ අධ්‍යක්ෂක අරුණ ජයවර්ධන ද සිය අදහස් පළ කළේය.
''ධර්ම යුද්ධය කියන්නේ ප්‍රේක්ෂකාගාරයක්. එහෙමත් නැත්නම් ප්‍රේක්ෂක සංචිතයක් කියලා කියන්න පුළුවන්. ඉතින් අද ඒ ප්‍රේක්ෂකාගාරය මම හිතන්නේ ලංකාවේ සිනමා කර්මාන්තය ඉහළටම ඔසවලා තියෙනවා. මම ඇත්තටම ස්තූතිවන්ත වෙනවා මගේ ටීම් එකට ඒ වගේම සිරසට අපි විශ්වාස කරලා වැඩේ භාර දුන්නට''
මේ වන විට ධර්මයුද්ධය 2 චිත්‍රපටය ශ්‍රී ලාංකිය සිනමා ඉතිහාසය යළි ලියමින් පවතිනවා.
* දිනක් තුළ වැඩිම දර්ශන වාර ගණනක් තිරගත වූ සිනමා පටය
* දිනක් තුළ වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නැරඹූ සිනමා පටය
* දිනක් තුළ වැඩිම Housefull දර්ශන වාර ගණනක් තිරගත වූ සිනමා පටය
* දිනක් තුළ වැඩිම ආදායමක් වාර්තා කල සිනමා පටය
* ආරම්භක සති අන්තයේ වැඩිම ආදායමක් වාර්තා කළ සිනමා පටය
* සති අන්තයකදී වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් නැරඹූ සිනමා පටය
* සතියක් තුළ වැඩිම ආදායමක් වාර්තා කළ සිනමා පටය
* වැඩිම රටවල් ගණනක තිරගත වන දේශීය සිනමා පටය ඇතුළු ලාංකේය සිනමා පටයක් වෙනුවෙන් ලියැවුණු වැඩිම වාර්තා සඛ්‍යාවට හිමිකම් කියන්නේද ධර්ම යුද්ධය 2 චිත්‍රපටයයි
ධර්ම යුද්ධය 2 මේ වනවිට අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හා එංගලන්තයේ සිනමාහල් රැසක ද ප්‍රදර්ශනය කරන අතර ඉදිරියේදී තවත් රටවල් රැසක තිරගත වීමට නියමිතයි.
ධර්මයුද්ධය මහරාජා මීඩියා නෙට්වර්ක් හෙළ සිනමාවට දායාද කරන සිරස පවුලේ නවතම සිනමා පටයයි.
ආදරය, ත්‍රාසය, භිතීය සහ කුතුහලය පිරුණු ධර්මයුද්ධය 2 පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයකි.
