ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන

ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන

by Staff writer 16-03-2026 | 9:37 AM

COLOMBO(News1st) - සියළුම ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පැවසුවේ, ඒ යටතේ ගිලන් රථවලට ඩිපෝවලින් මෙන්ම පිරවුම්හල්වලින්ද ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බවයි.

ඊයේ(15) උදෑසන 6 සිට දීප ව්‍යාප්තව QR ක්‍රමවේදය බලාත්මකයි.

QR ක්‍රමවේදය යටතේ සෑම පුද්ගලයෙකුටම සතියකට ලබාගත හැකි ඉන්ධන ප්‍රමානය නිශ්චිත කෝටාවකට සීමා කර තිබේ. 

ඒ යටතේ,

යතුරුපැදි සදහා ලීටර් 05ක්.
ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා ලීටර් 15ක්.
වෑන් රථ සහ විශේෂ කාර්ය වාහන සඳහා ලීටර් 40ක්.
ට්‍රැක්ටර් රථ සඳහා ලීටර් 25ක්.
ලොරි රථ සඳහා ලීටර් 200ක් 
බස් රථ සඳහා ලීටර් 60 ක් 

ලෙස ඉන්ධන ලබාගැනීමට හැකියාව පවතිනවා.

මීට පෙර QR ක්‍රමවේදය සඳහා ලියාපදංචි කළ පුද්ගලයින්ගේ වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් ‍fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා මහජනතාවට එය ලබාගත හැකි වනවා.

මීට පෙර QR ක්‍රමවේදය සඳහා ලියාපදිංචි නොකළ අලුතින් ලියාපදිංචි කරන ලද වාහන සහා වාහනයේ හිමිකාරීත්වය හෝ දුරකතන අංකය වෙනස් වී ඇත්නම් ‍fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසි යළි ලියාපදිංචි වීමේ හැකියාව ලැබෙනු ඇති.

අදාළ ක්‍රියාවලිය සම්බන්ධ ගැටලු හෝ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ රජයේ තොරතුරු කේන්ද්‍රය ඇමතිය හැකි බවද  ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.