Work from Home ක්‍රමවේදය ගැන කඩිනම් තීරණයක්

නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදීම සම්බන්ධයෙන් කඩිනම් තීන්දුවක් - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

by Staff writer 16-03-2026 | 11:13 AM

COLOMBO(News1st) - රට තුළ පවතින වත්මන් තත්ත්වය හමුවේ සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදීම සම්බන්ධයෙන් කඩිනම් තීන්දුවක් ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද(16) පැවැත්වෙන බවයි.

කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවැත්වන එම සාකච්ඡාව තීරණාත්මක බවත් අමාත්‍යවරයා පැවසීය.