ෆුජයිරා ඉන්ධන වරායට ඉරානයෙන් ප්‍රහාරයක්

ෆුජයිරා ඉන්ධන වරායට ඉරානයෙන් ප්‍රහාරයක්

by Staff writer 04-05-2026 | 10:28 PM

COLOMBO(News1st) - ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන තෙල් වරායක් වන ෆුජයිරාහි විශාල ගින්නක් හටගෙන ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසයි.

ෆුජයිරා යනු එමීර් රාජ්‍යයේ විශාලතම වරාය සහ තෙල් ගබඩා සංකීර්ණයයි.

සටන් විරාමයට පෙර ද එම ස්ථානය ඩ්‍රෝන ප්‍රහාරවල ඉලක්කයක් බවට පත්ව තිබුණි.

සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ෆුජයිරා රජයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ, සිවිල් ආරක්ෂක කණ්ඩායම් මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.