පාදුක්කට අද(05)රාත්‍රී 8 සිට පැය 12ක ජල කප්පාදුවක්

පාදුක්කට අද(05) රාත්‍රී 8 සිට පැය 12 ක ජල කප්පාදුවක්.

by Staff Writer . 05-04-2026 | 5:33 PM

COLOMBO(News1st) - පාදුක්ක හා ඒ අවට ප්‍රදේශවලට අද(05) රාත්‍රී 8 සිට හෙට උදෑසන 8 දක්වා ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ, කොටස්වලට වෙන්කර, කාලසටහන් ක්‍රමයට ජලය නිකුත් කිරීමේ ක්‍රියාවලිය යටතේ එය සිදුකරන බවයි.

ලබුගම සහ කලටුවාව ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාමත් සමග, ජල නිෂ්පාදනය සීමා කිරීම, ඊට හේතුවී තිබේ.