ඉරානය සහ අමෙරිකාව සති 2ක සටන් විරාමයකට එකඟ වෙයි..

ඉරානය සහ අමෙරිකාව සති 2ක සටන් විරාමයකට එකඟ වෙයි..

by Staff writer 08-04-2026 | 6:05 AM

COLOMBO(News1st) - ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්නේ නම්, සති දෙකක සටන් විරාමයකට එකඟ වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ටෘත් සෝෂල් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළේ, පෙර ලබාදී තිබූ කාල සීමාව අවසන් වීමට පැය දෙකක පමණ කාලයක් ඉතිරිව තිබියදීයි.

මේ අතර , ඇමෙරිකාව සමග සටන් විරාමයකට උත්තරීතර නායකයාගේ අනුමැතිය මත එකඟ වූ බවත්, ඉදිරි සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන බවත්, ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය පවසා තිබේ.

සටන් විරාමයට ඊශ්‍රායලය ද සිය එකඟතාව පළකර ඇතැයි, ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.