ඉරානයේ කාර්ග් දූපතට ප්‍රහාර

ඉරානයේ කාර්ග් දූපතට ප්‍රහාර

by Staff writer 07-04-2026 | 10:13 PM

COLOMBO(News1st) - ඉරානයේ කාර්ග් දූපතට නැවතත් ඇමරිකානු ඊශ්‍රායල ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි, BBC පුවත් සේවය වාර්තා කරයි

ඛාර්ග් දූපත ඉරානයේ බොරතෙල් අපනයනයෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් හසුරුවන ප්‍රධාන මධ්‍යස්ථානයක්.

එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා ලබාදුන් කාලසීමාව අවසන් වීමට තවත් පැය කිහිපයක් ඉතිරිව ඇති පසුබිමකයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඉරානය මේ වනතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.