රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති රිමාන්ඩ්

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ රිමාන්ඩ්

by Staff writer 07-04-2026 | 6:22 PM

COLOMBO(News1st) - ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔවුන් අද(07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව ඉක්මවා බඳවා ගැනීම් සිදුකර , එවක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රාජකාරී සඳහා යොදවා රජයට පාඩු කළැයි යන චෝදනාව මත අල්ලස් කොමිසම ඔවුන් අද(07) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.