COLOMBO (News 1st) - ප්‍රශ්නගත වත්මන් ගල් අගුරු ටෙන්ඩරයේ සිට 2009 වසර දක්වාම සිදුකල සියලුම ගල් අගුරු නැව් මිලදී ගැනීම් පිළිබඳව විමර්ශනය සදහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
ඔහු මේ දැනුම්දීම කලේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශවාස භංග යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කථාව කරමින් ය.