හෝමාගම ගැටුමකින් තරුණයෙකු මරුට...

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි තරුණයෙකු මරුට

by Staff writer 10-04-2026 | 10:40 AM

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තරුණයෙකු මියගොස් තිබේ. 
 

පොලීසිය පැවසුවේ හෝටලයක ඊයේ(09) රාත්‍රි පැවති සාදයක් අතරතුර එම ගැටුම හටගෙන ඇති බවයි. 

පහරදීමෙන් මියගොස් ඇත්තේ 19 හැවිරිදි වැල්ලව, නිකදළුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.