.webp)
-614679-614734.jpg)
හෙට උදෑසන පැවැත්වෙන සංඝගත දක්ෂිණාවෙන් පසුව දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන එදින සවස මාතලේ අළුවිහාරයට ළඟා වන අතර
අනිද්දා මාතලේ අළුවිහාරයෙන් යළි ආරම්භ කෙරෙන සාම පා ගමන එදින අවසන් කරන්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙනි.
අප්‍රේල් 24 වන දා ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කෙරෙන මෙම පාගමන කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරයට ළඟාවීමට නියමිතයි.
අප්‍රේල් 25 බෙලිගම්මන රජමහා විහාරයෙන් යළිත් පාගමන ආරම්භ වී තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය දක්වා පැමිණෙනු ඇති.
අප්‍රේල් 26 වන දා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිට යක්කල චන්ද්‍රජෝතී විද්‍යාලය දක්වා සාම පාගමන පැමිණෙන අතර
අප්‍රේල් 27 වනදා යක්කල චන්ද්‍රජෝතී විද්‍යාලයෙන් ආරම්භ වන පාගමන, එදින අවසන් වන්නේ කැළණිය රජමහා විහාරයෙන් ය.
අප්‍රේල් 28 කැළණිය රජමහා විහාරයෙන් පිටත් වී සවස 4 වන විට නිදහස් චතුරස්‍රයට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට භාර දීමට නියමිතයි.
නිදහස් චතුරස්‍රයේ සිට පෙරහරකින් සිරස මාධ්‍යජාලයේ මූලස්ථාන පරිශ්‍රය පසුකොට ගංගාරාම විහාරස්ථානයට පැමිණීමෙන් අනතුරුව සාමයේ දූපතට සාමයේ පාගමන අවසන් වේ.
