සාම පාගමන ඇරඹෙයි..

සාම පාගමන ඇරඹෙයි..

by Staff writer 22-04-2026 | 10:03 AM

 COLOMBO (News 1st) - සාමයේ දූපතට - සාමයේ පාගමන තවත් නොබෝ වේලාවකින් දඹුල්ල නගරයෙන් ආරම්භ විය.

ඒ, වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම " අලෝකා " ද සහභාගීත්වයෙන් ය.

සාමයේ දූපතට - සාමයේ පාගමන සහභාගිවීමට වැඩම කළ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් අද අලුයම  සංඝගත දක්ෂිණාවක්ද පැවැත්විණ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මග පෙන්වීම මත ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන ඇතුළු ආයතන කිහිපයක් සාම පාගමනට පහසුකම් සපයයි.

සාමයේ දූපතට - සාමයේ පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදු කරන්නේ  සිරස මාධ්‍ය ජාලයයි.

ඇමරිකාවේ සිට වැඩම කළ වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස ඊයේ පස්වරුවේ අනුරාධපුර පූජා නගරයේදි ආගමික වතාවත් වල නිරත විය.

එහිදී ශ්‍රී මහා බෝධියේ අංකුරයක් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමිට පරීත්‍යාග කළේ ශ්‍රි මහා බෝධිය අභියස පැවති උත්සයකදීයි..

අනතුරුව රුවන්වැලි මහා සෑය අභියස පැවති ආගමික උත්වයකටද වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගී විය.

සාම පාගමනේ අද දිනයේ ගමනාන්තය මාතලේ අලුවිහාරයයි.