උසස්පෙලට අයදුම් කිරීමේ කාලය අද මැදියම් රැයෙන්අවසන්

උසස් පෙලට අයදුම් කිරීමේ කාලය අද මැදියම් රැයෙන් අවසන්.

by Staff writer 24-04-2026 | 9:51 AM

COLOMBO (News 1st) - මේ වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය අද මැදියම් රැයෙන් අවසන් වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, මාර්ගගත ක්‍රමයට පමණක් එම අයදුම්පත් යොමු කළ යුතු බවයි.

කිසිඳු හේතුවක් මත අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, 011 2785922, 011 2784208 හා 011 2784537 යන  දුරකථන අංක වලින් විමසිය හැකියි