සාමයේ දූපතට සාමයේ පාගමනේ තුන්වැනි දිනය අදයි.

සාමයේ දූපතට සාමයේ පාගමනේ තුන්වැනි දිනය අදයි.

by Staff writer 24-04-2026 | 9:29 AM

COLOMBO (News 1st) - සාමයේ දූපතට සාමයේ පාගමනේ තුන්වැනි දිනය අදයි.

මහනුවර ශ්‍රි දළදා මාළිගාවෙන් ආරම්භ කෙරෙන පාගමන අද අවසන් වන්නේ කෑගල්ල බෙලිගම්මන රජමහා විහාරයෙන්.

පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය අද(24) දිනයේ කිලෝමීටර් 25ක් පාගමනින් වැඩම කරන්නේ ලෝක සාමය පිළිබද ලෝකවාසීන්ගේ අවදානය යොමුකිරීමේ අටියෙන්.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මඟ පෙන්වීම මත පැවැත්වෙන ජාත්‍යන්තර සාම පාගමනේ පූර්ණ සම්බන්ධීකරණය සිදු කරන්නේ, සිරස මාධ්‍ය ජාලයයි.

සාමයේ දූපතට සාමයේ පාගමන ඊයේ(23) පස්වරුවේ මහනුවරට ළගා විය.

එහිදී පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නය මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.