මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ...

සාගරිකා දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර කරයි.

by Staff writer 24-04-2026 | 9:38 AM

COLOMBO (News 1st) - වාද්දුව දුම්රිය ස්ථානයේදි සාගරිකා දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබේ.

දුම්රිය මාධ්‍ය ප්‍රකාශක දුම්රිය ගමනා ගමන අධිකාරි අසංක සමරසිංහ සඳහන් කළේ,  ඒ අනුව කොළඹ සිට මුහුදු බඩ මාර්ගයේ ධාවනයට වන දුම්රිය පානදුරට සිමා කර ඇති බවයි.

මාතර සිට ධාවනය කරන දුම්රිය කළුතරට සිමා කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අද(24) උදෑසන සිදුවූ එම පීලි පැනීමත් සමග සාගරිකා දුම්රියේ පැමිණි මගීන් ඇතුළු මුහුදු බඩ මාර්ගයේ දුම්රියවල ගමන් ගත් මගීන් දැඩි පීඩාවට පත්වූ අතර

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සාගරිකා දුම්රියේ පසුපස මැදිරි කිහිපයක්ම පිලි පැනිමට ලක්ව ඇති බවයි.

එම මැදිරි පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව අසංක සමරසිංහ ප්‍රකාශ කළේ ය.

වෙනත් ලිපි