.webp)

ඒලෝකයේ පවතින යුධ ගැටුම් හේතුවෙන් මිල ඉහළ යාම් ගෝලීය ආර්ථික බාධාවන් සහ සැපයුම් දාමයේ අභියෝගවලට ඉන්දියාවට සාර්ථකව මුහුණ දීම සඳහා සාමූහිකව සහයෝගය ලබාදෙන්නැයි පවසමිනි.
දේශප්‍රේමය යනු රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කිරීමට ඇති කැමැත්ත පමණක් නොව මෑත කාලයේ පවතින තත්ත්වයන් යටතේ පුරවැසියන් ලෙස සිය දෛනික ජීවන කටයුතුවලදී ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම බවද ඊයේ (10) හයිද්‍රාබාද්හිදී නරේන්ද්‍ර මෝදී සඳහන් කළේ ය.
ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් පරිභෝජනය අඩු කිරීම සඳහා, පෞද්ගලික රථවාහන වෙනුවට හැකි සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවා හෝ ඉලෙක්ට්‍රික් මෝටර් රථ භාවිත කරන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ජනතාවට දැනුම් දෙයි.
කොවිඩ් අර්බුධ සමයේ මෙන්, Work from home හෙවත් නිවසේ සිට රාජකාරී කටයුතු සිදුකිරීම සහ ඉගැනුම් කටයුතු, දේශන සම්මන්ත්‍රණ සහ රැස්වීම් ඔන්ලයින් ඔස්සේ පවත්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේ ය.
මේ අතර විදේශ විනිමය සංචිත ඉතිරි කර ගැනීම සඳහා විදෙස් සංචාර සහ විදෙස් රටවල විවාහ මංගල උත්සව පැවැත්වීමද නුසුදුසු බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.
විදෙස් රටවල සංචාරය කිරීම වෙනුවෙන් ඉන්දියාව තුළ ගමනාන්ත තොර ගන්නා ලෙසද මෝදී සිය රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේ ය.
වසරක කාලයක් සඳහා අත්‍යවශ්‍ය නොවන රත්‍රන් මිලදී ගැනීමෙන් වලකින ලෙසත් මෝදී ඉල්ලා සිටියේය.
ඉන්දීය නිෂ්පාදිත සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසත් කෘෂිකර්මාන්තයේදී රසායනික පොහොර භාවිතය 50%කින් අඩු කරන ලෙසත් නරේන්ද්‍ර මෝදී ඉන්දීය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
