.webp)

ඒ එයාර්බස් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් ගත් බව කියන සිදුවීමට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.
අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක් මහින්ද රාජපක්ෂට ලබාදුන් බවට ඊට අදාළ නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන කළ අනාවරණය මත පදනම්ව මහින්ද රාජපක්ෂ එලෙස කොමිසමට කැඳවා තිබේ.
ඊට අමතරව, හිටපු සිවිල් ගුවන්සේවා ඇමති පියංකර ජයරත්න සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජික විලී ගමගේ ද එම කොමිසම හමුවට කැදවා ඇතැයි සඳහන්.
ඊයේ(11) පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටි විලී ගමගේ ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබුණා.
මේ අතර, පසුගිය සිකුරාදා එම අල්ලස් චෝදනාවට අදාළව ප්‍රධාන සැකකරුවෙකු වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඥාති නිවසක් තුළ මියගොස් සිටියදී සොයා ගත්තේය.
මරණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරමින් සිටින්නේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.
පොලීසිය පැවසුවේ, විමර්ශනවලට අදාළව කපිල චන්ද්‍රසේන මියගොස් සිටි නිවස හිමි ඔහුගේ ඥාතියෙකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ඇතුලු 15 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි කපිල චන්ද්‍රසේන මිය යාමට පෙර දින අධිකරණ ක්‍රියාවළියට අදාළව ඔහුගේ නීතිඥවරුන් සමග ද සාකච්ඡාකර ඇතැයි පොලිසිය සඳහන් කළේය.
අල්ලස් නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ කපිල චන්ද්‍රසේන රුපියල් 15,000 බැගින් ගෙවා කුලියට ගත් ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ බව හෙලිවීමෙන් පසුව අධිකරණය ඔහු නැවත අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණා.
ඔහුගේ මළ සිරුර හමුවූයේ එවැනි පසුබිමකයි.
