පිලිපීන සෙනෙට්මණ්ඩල පරිශ්‍රයේදී වෙඩිහඬ ප්‍රහාරයක්

පිලිපීන සෙනෙට් මණ්ඩල පරිශ්‍රය තුළ වෙඩි හඬ ප්‍රහාරයක්!

by Staff writer 13-05-2026 | 7:12 PM

COLOMBO (News 1st0 - පිලිපීන සෙනෙට් මණ්ඩල පරිශ්‍රය තුළ වෙඩි හඬ ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ. 
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) මගින් වරෙන්තු නිකුත් කර ඇති ප්‍රබල සෙනෙට් සභික රොනල්ඩ් ඩෙලා රෝසා (Ronald dela Rosa) අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මැද මෙම උණුසුම් තත්ත්වය ඇතිව ඇත. 
මෙම සිදුවීමෙන් මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සෙනෙට් ලේකම් මාක් ලැන්ඩ්‍රෝ මෙන්ඩෝසා (Mark Llandro Mendoza) මාධ්‍ය වෙත පවසා තිබේ.