සොල්දරයක් නිසා පිරිමි දරුවෙකුට දිවි අහිමි වෙයි.

කඩා වැටුණු සොල්දරයෙන් පහළට ඇඳ වැටුණු පියාට යට වීමෙන් තුන් හැවිරිදි පිරිමි දරුවෙක් මියයයි.

by Staff writer 17-05-2026 | 6:04 PM

COLOMBO (News 1st) - ගම්පොල අටුවාවත්ත ප්‍රදේශයේ නිවසක සොල්දරයක් කඩා වැටීමෙන් නිවසේ සිටි කුඩා දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ  දරුවාගේ පියා අද උදෑසන වහල මතට නැග අනතුරුව සොල්දරයට නැග ඇති අතර එම අවස්ථාවේදී එය දරුවා මතට කඩා වැටී ඇති බවයි.

මියගොස් ඇත්තේ තුන් හැවිරිදි පිරිමි දරුවෙක්.

සිද්ධියෙන් දරුවාගේ පියා, සුළු තුවාල ලබා ඇති බවත් සඳහන් වේ.

මෘත ශරීරය ගම්පොල රෝහලේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.