.webp)

ඒ සැකකරුවන් කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
දුම්රිය මාර්ගයේ ලොක් බාර් සහ ප්ලේට් ගැලවූ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනේ ඊයේ(16) දිනයේදීයි.
පසුව පීල්ලේ කොටස් මිලදී ගත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැණුනි.
පොලීසිය පැවසුවේ දුම්රිය මාර්ගයේ කොටස් ගැලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුගෙන් කළ ප්රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ඊයේ(16) අලුයම එලෙස පීලිපැනීමට ලක්වුණේ, පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ දුම්රියක්.
පීලිපැනීමත් සමග දුම්රිය මැදිරියක් පෙරලී ගොස් තිබුණි.
එහිදී මගීන් 10 දෙනෙකුට තුවාල සිදුවීය.
අද(17) පස්වරුව වන විට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කළ හැකි බව, දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
