වගා හානි පිළිබඳ දැනුම් දෙන්නැයි ගොවි ජනතාවට උපදෙස්

අධික වැසි සමග සිදුවූ වගා හානි සම්බන්ධ තොරතුරු ඉදිරි දින 14 තුළ දැනුම් දෙන ලෙස කෘෂි කාර්මික සහ ගොවී ජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි.

by Staff writer 19-05-2026 | 2:49 PM

COLOMBO(News1st) - අධික වැසි සමග සිදුවූ වගා හානි සම්බන්ධ තොරතුරු  ඉදිරි දින 14 තුළ දැනුම් දෙන ලෙස කෘෂි කාර්මික සහ ගොවී ජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි.

එම මණ්ඩලය පැවසුවේ එම හානිය ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානයවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයේ වාර්තා කළ යුතුව ඇති බවයි.

වගා හානි තක්සේරු කිරීම මඟින් සිදුවී ඇති හානි අනුව හෙක්ටාරයක් සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි ගෙවීම සිදු කරනු ඇති

එමෙන්ම වී,බඩ ඉරිඟු,අර්තාපල්,සෝයා, මිරිස් සහ ලොකු ලූණු යන වගාවන්  සඳහා වන්දි මුදල්  ලබා දෙන බව කෘෂි කාර්මික සහ ගොවී ජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ සඳහා ගොවීන්ගෙන් කිසිදු රක්ෂණ වාරික මුදලක් අයකරගැනීමෙන් තොරව නොමිලේ රක්ෂණය යටතේ රජය විසින් වන්දි මුදල් ලබාදීම සිදු කරනු ඇති .