.webp)

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ, රණවිරු ස්මාරකය අභියසදීයී.
ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු.වුට්ලර් පැවසුවේ, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශවලින් සමන්විත කණ්ඩායමක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.
එමෙන්ම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ.සේනාධීර පවසයි.
පොලීසිය පැවසුවේ අද සවස 03.30සිට පොල්දූව හන්දිය සිට සහ කියැන්නෑම් හන්දියේ සිට රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.
එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය දැනුම් දෙයි.
ඒ අනුව පාර්ලිමේන්තු මාර්ගය හරහා ධාවනය කෙරෙන වාහනවලට, පොල්දුව හන්දියෙන් බත්තරමුල්ල, පාලන්තුන හන්දිය හරහා ගමන් කිරීමට හැකියි.
කියැන්නෑම් හන්දියෙන් ධාවනය කෙරෙන වාහනවලට පාලන්තුන, බත්තරමුල්ල හරහා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති.
රජමල්වත්ත දෙස සිට බෝධිරාජ මාවත ඔස්සේ පැමිණෙන වාහන බත්තරමුල්ල මාර්ගයට පැමිණ අවශ්‍ය මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ඇතැයි පොලිසිය සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ, ජපන් මිත්‍රත්ව පාර හන්දියේ සිට කිඹුලාවල හන්දිය දක්වාත් ජපන් මිත්‍රත්ව පාර විදුලිබල මණ්ඩලය අසළ සිට පැලවත්ත හන්දිය දක්වාත් බස් රථ හා ට්‍රක් රථ ගාල් කිරීම හැකියාව පවතින බවයි.
