.webp)
-616549.jpg)
COLOMBO (News 1st) -
රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින්, අද බීජිං අගනුවරදී චීන ජනාධිපති ෂී ජින්ග් පින්ග් හමුවීමට නියමිතව තිබේ.
චීන ජනාධිපතිවරයාගේ ආරාධනයක් පරිදි, දෙදින නිල සංචාරයක් සදහා ඊයේ රාත්‍රියේ රුසියානු ජනාධිපතිවරයා බීජිං නුවරට ළඟා වූ අතර ඔහු පිළිගැනීමට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළට පැමිණ සිටියේ ය.
පසුගිය සැප්තැම්බර් මාසයේදීද රාජ්‍ය නායකයින් සාකච්ඡා වලට එක්වූ අතර මෙවර සංචාරය,, පුටින්ගේ 25 වැනි නිල චීන සංචාරයයි.
පුටින් සමග රුසියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අමාත්‍යවරුන් සහ ප්‍රමුඛ පෙළේ සමාගම් ප්‍රධානීන් පිරිසක් සංචාරයට එක්ව සිටින අතර අද දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම් 40කට පමණ අත්සන් තැබෙනු ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.
පසුගිය සතියේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා බීජිං නුවරට පැමිණියද එහිදී රාජ්‍යයන් දෙක අතරේ සැලකිය යුතු මට්ටමේ ප්‍රගතියක් අත්කර ගැනීමට අපොහොසත් වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
විශ්ලේෂකයින් පවසන්නේ, ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියේ ඇති අනපේක්ෂිත ස්වභාවය හේතුවෙන් රුසියාව සහ චීනය තවදුරටත් එකිනෙකාට සමීප වීමට පෙළඹී ඇති බවයි.
