.webp)

ඒ නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් ය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ හේතුවෙන් දිවයිනේ නිරත දිග ප්‍රදේශවල පවතින වැසිතත්ත්වය වැඩි විය හැකි බවයි.
බස්නාහිර , සබරගමුව සහ වයඹ පලාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් ය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං වලින් සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර, දිස්ත්‍රික්ක 5 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රැවන්වැල්ල හා යටියන්තොට ,සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම හා ඇහැලියගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලටත් අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.
කොළඹ, කලුතර, කෑගල්ල, නුවර එළිය හා රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහාද අදියර 1 යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ ය.
