ඉන්ධන මිල සංශෝධනයක් ගැන පැතිර යන කතා අසත්‍යයයි

ඉන්ධන මිල සංශෝධනයක් ගැන පැතිර යන කතා අසත්‍යයයි - ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

by Staff writer 26-05-2026 | 6:45 AM

COLOMBO(News1st) - ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව පැතිර යන කතා අසත්‍ය යැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පැවසුවේ, පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුල් ආශ්‍රිතව පෝලිම් දක්නට ලැබුණ බවයි.

රටතුල කිසිදු ඉන්ධන හිගයක් නොමැති බවද ඔහු පැවසුවේ ය.

ආචාර්ය මයුර නෙත්තිකුමාර පැවසුවේ, ඉදිරි දින කිහිපය තුළ බොරතෙල් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණෙන බවයි.

ඇමරිකාව හා එක්සත් ආරාබි ඒමීර් රාජයේ සිට එම නෞකා බොරතෙල් මෙට්‍රික් ටොන් අනු දහස බැගින් රැගෙන එන බව ඔහු සඳහන් කළේ ය.