කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුවෙන් නිවේදනයක්!

කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුවෙන් නිවේදනයක්!

by Staff writer 25-05-2026 | 8:28 AM

COLOMBO(News1st) - වර්ෂාධික කාලගුණය හේතුවෙන් පවුල් 7983ක, පුද්ගලයින් 31,072 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආරක්ෂිත ස්ථාන 18ක රඳවා ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 1724ක්.

නිවාස 8කට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.


මේ අතර ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශෙවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන්.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි වේ.

අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු 1ෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.


මේ අතර දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

කොළඹ, ගම්පහ, කළුතර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර, ඒ අතරට ඇතුළත්.

එම ප්‍රෙද්ශවල ජනතාව නායයෑම් සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.


කළු ගඟේ මිල්ලකන්ඳ සහ පුටුපවුල ප්‍රදේශවල ගංවතුර අවදානම් තත්වය පහව යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ගංඟාවල ජල මට්ටම් පවතින්නේ, සාමාන්‍ය තත්වයේයී.