නොරොච්චෝලේ දළුව මුහුදේ ගිලී තිදෙනෙකු මරුට..

නොරොච්චෝලේ දළුව මුහුදේ ගිලී තිදෙනෙකු මරුට..

by Staff writer 06-06-2026 | 9:50 PM

COLOMBO(News1st) - නොරොච්චෝලේ දළුව මුහුදේ ගිලී තරුණයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ මුහුදේ දියනාමින් සිටියදී දියේ ගිලී ඔවුන් අනතුරට ලක්ව ඇති බවයි.

මියගොස් ඇත්තේ, අවුරුදු 18, 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනෙකු සහ 25 හැවිරිදි තරුණයෙකි.

ඔවුන් පුත්තලමේ පදිංචිකරුවන් ය.