බරවා පරපෝෂිතයෙකු ගැන අනතුරු ඇඟවීමක්

මිනිසුන්ට හා සතුන්ට බරවා බෝ කළ හැකි පරපෝෂිතයෙකු පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

by Staff writer 06-06-2026 | 11:12 AM

COLOMBO(News1st) -  මිනිසුන්ට හා සතුන්ට බරවා බෝකල හැකි පරපෝෂිතයෙකු පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීම් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බරවා මර්දන ව්‍යාපාරය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසන්න සේරසිංහ ඊයේ(06) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ, බෲජියා මලායි නම්වූ එම පරපෝෂිතයා මගින් බරවා වැළඳුනු රෝගීන් 7 දෙනෙකු පසුගිය මාස 5  තුළ වාර්තාවී ඇති බවයි.

නිසි පරිදි පාලනය නොකල හොත් එය දිවයින පුරා ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයිද ඔහු පවසයි.