මීගොඩ අනතුර සිදු කළ කැබ් රථයේ හිමිකරු රිමාන්ඩ්

06 දෙනෙකුට මරු කැඳවූ මීගොඩ අනතුර සිදු කළ කැබ් රථයේ හිමිකරු රිමාන්ඩ්

by Staff writer 06-06-2026 | 9:08 PM

COLOMBO(News1st) - මීගොඩ දන්සැල් පෝලිමක සිටි පුද්ගලයින් හය දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු, ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරුවන් අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත්තේ ය.

ඔවුන් අද හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.