.webp)

පොලීසිය පැවසුවේ, සැකකරුවන් දෙදෙනා අද(06) හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
පසුගිය ඉරිදා රාත්රීයේ මීගොඩ මංසන්ධිය ආසන්නයේ පැවැති දන්සැලක පෝලිමක සිටි පිරිසක් වෙතට කැබ් රථයක් ධාවනය කිරීමෙන් 6 දෙනෙකු මියගොස් 7 දෙනෙකු තුවාල ලැබී ය.
අනතුර සිදුකල කැබ් රථය පලාගොස් තිබු අතර
අනතුරු පොලිස් නිළධාරින් පිරිසක් එය පසුපස හඹාගොස් පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ එහි රියැදුරු පමණයි.
ඔහු බීමත්ව සිට ඇති බව එහිදී හෙලිවිය.
මේ අතර කැබ් රථයේ සිටි පලාගිය සැකකරුවන් තුන් දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ඊයේ(05) මහජන සහායද ඉල්ලා තිබුණි.
පලාගිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
