.webp)

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ, යානයේ කුරුල්ලන් ගැටීම හේතුවෙන් එම පියවර ගන්නා බවයි.
ඒ අනුව, යානයේ ඉන්ධන දහනය සඳහා එය මීගමුව කලපුවට ඉහළ අහසේ පියාසර කිරීම ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
අද උදෑසන 7.07 ට කටුනායක ගුවන් තොටුපලෙන් පිටත් වූ තුර්කි ගුවන් සේවයට අයත් යානයේ මගීන් 253 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු රැඳී සිටිනවා.
එහි ඉන්ධන ප්‍රමාණය අවම කර ගත් පසු පෙරවරු 10.00ට පමණ අදාල ගුවන් යානය නැවත කටුනායක ගුවන් තොටුපල වෙත බැස්වීමට නියමිතව තිබේ.
