.webp)

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල සඳහන් කළේ, යානයේ කුරුල්ලන් ගැටීම හේතුවෙන් එම පියවර ගත් බවයි.
ඒ අනුව, ඉන්ධන දහනය සඳහා යානය මිගමුව කලපුවට ඉහළ අහසේ පියාසර කල බව ඔහු සඳහන් කළේය.
අද උදෑසන 7.07ට කටුනායක ගුවන් තොටුපලෙන් පිටත් වූ තුර්කි ගුවන් සේවයට අයත් යානයේ මගීන් සංඛ්‍යාව 253කි.
කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු ද එහි රැඳී සිටියේය.
එහි ඉන්ධන ප්‍රමාණය අවම කර ගත් පසු පෙරවරු 10.00ට පමණ අදාල ගුවන් යානය නැවත කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩ බස්සවා තිබේ.
