.webp)

එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ ප්‍රකාශ කළේ, උසස් පෙළ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අයැදුම්පත් 92,043 යොමුකර ඇති බවයි.
එම අයැදුම්පත්‍ර සලකා බලා මෙවර විශ්වවිද්‍යාලවලට 42,937 දෙනෙකු ඇතුළත් කර ගැනීමට නියමිතයි.
නව උපාධි පාඨමාලා කිහිපයක්ද හදුන්වාදීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මහාචාර්යවරයා පැවසුවේ, සැප්තැම්බර් මස සිට ඒ ඒ විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ඇති බවයි.
