පැය 24ක් තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 597ක්.

ගතවූ පැය 24 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 597ක් - ඩෙංගු මර්දන ඒකකය

by Staff writer 13-07-2026 | 5:14 PM

COLOMBO (News 1st) - ජුලි මාසයේ ගතවූ දින කිහිපය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 13,293 දෙනෙකු වාර්තා වී තිබේ.

ගතවූ පැය 24 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 597ක්.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 68,672ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.

ඩෙංගු හේතුවෙන් මියගිය රෝගීන් සංඛ්‍යාව 47ක්.

මේ අතර ඩෙංගු අධි අවදානම් කලාප 60ක් ආවරණය කරමින් අද(13) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඒ, ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන්.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, ඉදිරි මාසය තුළ ඩෙංගු මදුරුවන් වාර්තාවීම අවම කිරීම සඳහා අනිවාර්යයෙන්ම පරිශ්‍ර පිරිසිදුව තබාගත යුතුව ඇති බවයි.

මේ අතර මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා නිල ඇඳුමට අමතරව, අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට සිසුන්ට අවසර ලබා දෙන බව, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ ය.

මේ අතර මේ අතර ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත් ක්‍රියාත්මකයි.

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එය ක්‍රියාත්මක වේ.

වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, නිවුස් ෆස්ට් ප්‍රමුඛ කැපිටල් මහරාජා මාධ්‍ය ජාලය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය සමග ඒකාබද්ධවයි