.webp)

ඒ, ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙනි.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 68,075 දෙනෙකු වාර්තාවී තිබේ.
ඩෙංගු හේතුවෙන් මියගොස් ඇති රෝගීන් සංඛ්‍යාව, 47 ක්.
ඉදිරි මාසය තුළ ඩෙංගු මදුරුවන් වාර්තාවීම අවම කිරීම සඳහා අනිවාර්යයෙන්ම පරිශ්‍ර පිරිසිදුව තබාගත යුතුව ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ ය.
මේ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හන්සක විජයමුණි පැවසුවේ රෝගීන්ට අවශ්‍ය උපරිම පහසුකම් සැලසීමට රජය කටයුතු කරමින් ඇති බවයි.
මේ අතර මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා නිල ඇඳුමට අමතරව, අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට සිසුන්ට අවසර ලබා දෙන බව, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ ය.
මේ අතර ඩෙංගු නවතමු - ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදත් ක්‍රියාතමකයි.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එය ක්‍රියාත්මක වේ.
වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, නිවුස් ෆස්ට් ප්‍රමුඛ කැපිටල් මහරාජා මාධ්‍ය ජාලය, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධවයි.
