රිය අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු මරුට...

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5ක් මරුට - පොලීසිය

by Staff writer 13-07-2026 | 5:06 PM

COLOMBO (News 1st) - ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, මොණරාගල මාගන්දනමුල්ල  මාර්ගයේ ලිදේකඩේ හන්දිය ප්‍රදේශයේදී ලොරියක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් , යතුරු පැදියේ ගමන් කළ 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි..

මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ ගොවිපල හන්දිය ප්‍රදේශයේදී ද මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් පදික කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, 56 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි.

මේ අතර වැලිවේරිය බියගම  මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක්, තවත් ත්‍රිරෝද රථයක හා කාර් රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකු මිගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 19 හැවිරිදි  කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර හොරණ මීපේ මාර්ගයේ මිල්ලෑව ප්‍රදේශයේදී, යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් 29 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.පොලීසිය පැවසුවේ, යාපනය මන්නාරම මාර්ගයේ පල්ලිකුඩා හන්දියේදී බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් 22 හැවිරිදි තෙලිකඩ  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති බවයි.