.webp)
 (6)-621276.jpg)
ඉන්දීය විදේශ ලේකම්වරයා එහිදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 350 ක ඉන්දියානු ණය පහසුකමක් ලබාදීමට අදාළ ගිවිසුම් හුවමාරු කර ගෙන තිබේ.
එම අරමුදල් දිට්වා සුළි කුණාටුවෙන් පසු ඉන්දියාව විසින් දීර්ඝ කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 450 ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයේ කොටසකි.
ද්විපාර්ශ්වික මුලපිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සමාලෝචනය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වන අන්නෝන්‍ය අවබෝධය පිළිබඳව ද එහිදී නැවත තහවුරු කෙරිණි.
ඉන්දීය සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.
