රුමේෂ් තරංගට සැරයන් නිලය දක්වා උසස් වීමක්!

හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ගුවන් හමුදාවේ කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් වීමක්!

by Staff writer 05-08-2026 | 12:26 PM

COLOMBO(News1st) - හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ගුවන් හමුදාවේ කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කර තිබේ.

පසුගියදා පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමට පිරිමි ඉසව්වෙ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට රුමේෂ් තරංග සමත් විය.

එම දක්ෂතාව සැළකිල්ලට ගනිමින් ඔහු කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට ගුවන් හමුදාපති ඒයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ කටයුතු කළ බව, ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඊට අමතරව ඔහු වෙනුවෙන් විශේෂ මූල්‍ය ප්‍රධානයක්ද ගුවන් හමුදාව පිරිණමා තිබේ.