දූෂණ චෝදනාවකට එජාප හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට...

by Staff writer 05-08-2026 | 2:31 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ  හිටපු මහලේකම් ,හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ‌ගෙන තිබේ.


ඔහු අත්අඩංගුවට ගැණුනේ ජනාධිපති කාර්යාලයට පිරිසක් බඳවා ගෙන ඔවුන් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි

මීට අදාළව හිටපු අමාත්‍යවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවනු ලැබුවේය .