දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගත් එජාප හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් රිමාන්ඩ්

by Staff writer 05-08-2026 | 4:48 PM

COLOMBO (News 1st) - හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් ලබන 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරතිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකාර හිටපු අමාත්‍යවරයා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධුරයේ කටයුතු කළ සමයේ සිය කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගත් සේවකයින් හතර දෙනෙකු අතුරින් තුන්දෙනෙකු තමන්ට අයත් ඉන්ධනහලක සේවයේ යෙදවීමෙන් සහ අනෙක් සේවකයා තනතුරට අදාළව වෙන් කර තිබූ කාර්යාලයේ රාජකාරි යෙදවීමකින් තොරව රජයට පාඩුවක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැණින.

සේවකයින්ට වැටුප් හා දීමනා ගෙවීමෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් විසිහත් ලක්ෂ හැටඅටදහස් අටසිය තිස්අයයි සත 14කි.