සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

by Staff writer 12-08-2026 | 3:04 PM

COLOMBO(News1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ලබන 25 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරු අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

එහිදී සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේ ය.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගත්තේ යැයි සැකපිට ඔහු පසුගියදා අත්අඩංගුවට ගැණුනි.