තෙල් මිල වැඩි කිරීමක් සිදු නොකිරිමට පියවර

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියත්, මේ මාසයේ හදිසි මිල වැඩි කිරීමක් සිදු කරන්නේ නැහැ - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

by Staff writer 12-09-2026 | 7:54 AM

COLOMBO(News1st) - ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිය ද, මේ මාසයේ හදිසි මිල වැඩි කිරීමක් නොකරන බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී ඒ රාජකරුණා සඳහන් කළේ, ගෝලීය ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි.