කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ලබන මාසයේ සිට

වසර 10කට වරක් සිදු කරනු ලබන ආර්ථික සංගණනය සඳහා කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ලබන මාසයේ ආරම්භ කරනවා - ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

by Staff writer 12-09-2026 | 8:34 AM

COLOMBO(News1st) - වසර 10කට වරක් සිදු කරනු ලබන ආර්ථික සංගණනය සඳහා කෘෂිකාර්මික තොරතුරු රැස් කිරීම ලබන මාසයේ ආරම්භ කරන බව, ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ශාමලි කරුණාරත්න සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීම, මේ දිනවල සිදුකරන බවයි.