සුරාබදු අලෙවිසැළක් කොල්ලකෑමට ගිය තැතකට වැඩ වරදියි

අහසට වෙඩි තබා ත්‍රිකුණාමලයේ සුරාබදු අලෙවිසැළක් කොල්ලකෑමට තැත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට.

by Staff writer 19-09-2026 | 9:11 AM

COLOMBO(News1st) - ත්‍රීකුණාමලය නගරයේ සුරාබදු අලෙවිසැලකට වෙඩි තබා, මුදල් කොල්ලකෑමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ(18) රාත්‍රී 9.30 ට පමණ පැමිණි සැකකරුවන් දෙදෙනෙකු T56 ගිනි අවියකින් අලෙවිසැලේ වහලයට වෙඩි තබා මුදල් මංකොල්ලකෑමට උත්සාහ කර ඇති බවයි.

එහි සේවකයෙකු සහ කොල්ලකරුවන් අතර පොරබැදීමක්ද සිදුව තිබේ.

එම අවස්ථාවේ පළා ගිය සැකකරුවන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගත් බව, පොලීසිය සඳහන් කළේ ය.

සැකකරුවන් සන්තකයේ තිබී මුදල් ද සොයා ගෙන තිබේ.