by Staff writer 18-09-2026 | 6:27 AM
COLOMBO(news1st) - මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින්, මෙගාවොට් 10ක ප්රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අනුරාධපුරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (18) විවෘත කෙරේ.
ඊට අමතරව, මෙගාවොට් 5ක ධාරිතාවකින් යුත් දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ "දියජනනී" පාවෙන සූර්ය බලාගාරය එදිනම ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරන අතර, එමගින් නිවාස 10,000කට බලශක්තිය සැපයේ.