නාමල් රාජපක්ෂ 29 තෙක් රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ 29 තෙක් රිමාන්ඩ්

by Staff writer 18-09-2026 | 9:57 PM

COLOMBO(News1st) - විහාරස්ථානයක කොත්පැළදවීමේ පිංකමකට සහභාගිවීමට ඇති බැවින් රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල් රාජපක්ෂට ඇප ලබාදෙන්නැයි නීතිඥවරුන් ඉල්ලීමක් කළේ ය.

මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර පැවසුවේ, අංගුත්තර නිකායේ හා සූත්‍ර පිටකයේ දූෂණයෙන් මිදීමේ වැදගත්කම පෙන්වාදී ඇති බවයි.

නමුත් මෙම සිදුවීමට අදාළව එවැනි තත්ත්වයක් නොමැති බව ඔහු කියා සිටියේ ය.

නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 29 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇප සම්බන්ධ නියෝගය එදින ලබාදෙන බව දැනුම් දුන්නේ ය.